මොස්කව්හි පිපිරීමකින් තිදෙනෙකු මරුට
සයුරෙන් එතෙර

මොස්කව්හි පිපිරීමකින් තිදෙනෙකු මරුට

December 24, 2025   04:14 pm

මොස්කව්හි සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මියගොස් ඇති බව රුසියානු බලධාරීහු  පවසති.

යෙලෙට්ස්කායා වීදියේ පොලිස් මෝටර් රථයක් අසල 'සැක සහිත පුද්ගලයෙකු' දුටු රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, සැකකරු අත්අඩංගුවට ගැනීමට ඔහු වෙත ළඟා වූ විට එම පුද්ගලයා යම් පුපුරණ ද්‍රව්‍යයක් පුපුරුවා හැර ඇති බව රුසියානු විමර්ශන කමිටුව පවසයි.

ඉන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා සහ ඒ අසල සිටි තවත් පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇත.

ඉකුත් සඳුදා ද මොස්කව්හි මෝටර් රථ බෝම්බ ප්‍රහාරයක් සිදු වු අතර, එම ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ රුසියානු ජෙනරාල්වරයෙකු මරණයට පත්විය.

එම පිපිරීම සිදු වූ ස්ථානයට ආසන්නයේ මෙම පිපිරීමද සිදුවිය.

එම පිපිරීම හා මෙය සම්බන්ධයක් තිබේද යන්න ද මෙතෙක් තහවුරු කර නොමැත.