සූර්යවංශිගෙන් තවත් වාර්තාගත ශතකයක්
December 24, 2025 03:10 pm
දිනෙන් දින වාර්තා අලුත්කරමින් ක්‍රිකට් පිටියේ කතා බහක් ඇතිකළ ඉන්දීය අනාගත බලාපොරොත්තුවක් වූ වෛභව් සූර්යවංශි 'List A' තරග බිමේ ලෝක වාර්තාගත ඉනිමක් ක්‍රීඩාකිරීමට අද (24) සමත් විය.
ඉන්දියාවේ ප්‍රධාන පෙළේ List A ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන විජේ හසාරේ කුසාලන තරගාවලිය අද ආරම්භ වූ අතර, එහිදී බිහාර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකළ සූර්යවංගී ලකුණු 190ක් රැස්කළේය.
පන්දු 84කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 15ක් හා හතරේ පහර 16ක් ඇතුළත් විය.
තවමත් අවුරුදු 14යි දින 272ක් වයසැති සූර්යවංශිගේ මෙම ශතකය සැලකෙන්නේ 'List A' තරග බිමේ ශතකයක් රැස්කළ ලොව ලාබාලම පිතිකරුවා ලෙසය.
මෙහිදී සූර්යවංශී සිය ලකුණු 150 කඩඉම පන්දු 59කින් රැස්කළ අතර, එය ජාත්‍යන්තර හා ජාත්‍යන්තර නොවන තරග බිමේ පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ලකුණු 150 ලෙස වාර්තා අතරට එක්විය.
මීට පෙර එම වාර්තාව දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස් සතුව තිබූ අතර, ඔහු එය බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහිව 2015 වසරේ දී පන්දු 64කින් රැස්කර තිබුණි.
