සයුරෙන් එතෙර
ඉන්දියාව සහ ජෝර්දානය කලාපීය ගැටලු ගැන සාකච්ඡාවක
December 19, 2025 06:44 am
ඉන්දියාව සහ ජෝර්දානය ත්රස්තවාදයට එරෙහිව පොදු සහ පැහැදිලි ස්ථාවරයක සිටින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.
සිය ජෝර්දාන සංචාරයට සමගාමීව දෙවන අබ්දුල්ලා රජු හමුවී අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව ඔහු ඒ බව පවසා තිබේ.
එහිදී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ගෝලීය ගැටළු පිළිබඳ වැඩිදුරටත් අදහස් හුවමාරු කරගෙන ඇත.
දෙවන අබ්දුල්ලා රජුගේ ආරාධනයෙන් දින දෙකක සංචාරයක් සඳහා ජෝර්දානයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, හුසේනියා මාලිගාවේදී රජු විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, එහිදී ඔවුන් නියෝජිත මට්ටමේ සාකච්ඡාවලට පෙර ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් පවත්වා තිබුණි.
විශේෂයෙන් වෙළඳාම සහ ආයෝජන, ආරක්ෂක සහ ත්රස්තවාදයට එරෙහි වීම සහ කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය සහ සංචාරක යන ක්ෂේත්රවල හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්ශ්වය එකඟවී ඇත.
ත්රස්තවාදයට එරෙහි ඔවුන්ගේ එක්සත් ස්ථාවරය නායකයින් දෙදෙනාම නැවත තහවුරු කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
