සයුරෙන් එතෙර
මෝදි ඕමාන් යයි
December 18, 2025 12:59 pm
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඕමානයේ සංචාරයක් සඳහා සූදානම් වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ, ඕමාන රජයෙන් ලද නිල ආරාධනයකට අනුවය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අග්‍රාමාත්‍යවරයා එරට ප්‍රධාන හවුල්කරුවන් සමඟ සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් දෙසැම්බර් 15 සිට 18 දක්වා ජෝර්දානය, ඉතියෝපියාව සහ ඕමානය යන රටවල් තුනක සංචාරයක් ආරම්භ කරනු ඇති බවය.
එම සංචාරයේ අවසන් අදියර ලෙස මෝදි දෙසැම්බර් 17-18 දිනවල ඕමානයේ රැඳී සිටිනු ඇත.
2018 දී අවසන් වරට කළ සංචාරයෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඕමානයේ සංචාරය කරන දෙවන අවස්ථාව මෙය වෙයි.
