සයුරෙන් එතෙර

ඇෆ්ගනිස්තානය යළිත් පාකිස්තානයට චෝදනා කරයි 

December 9, 2025   03:54 pm

ඇෆ්ගනිස්තානයේ විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි පාකිස්තානයට බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ පාකිස්තානය ඇෆ්ගනිස්තාන භූමිය තුළ රහස් ව්‍යාපෘති මෙහෙයවීමට උත්සාහ කරන බවය.

ආර්ථික පීඩනය, දේශසීමා වසා දැමීම් සහ දේශපාලන උත්තේජනය භාවිත කරමින් තලේබාන් පරිපාලනය අස්ථාවර කිරීමට පාකිස්තානය උත්සාහ කරමින් සිටින බවට මුත්තකි චෝදනා කරයි. 

ප්‍රධාන වෙළෙඳ මාර්ග වසා දැමීමෙන් පසු ඇෆ්ගනිස්තානය තුළ නොසන්සුන්තාව පැතිරෙනු ඇතැයි පාකිස්තානය බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර තිබේ.

කෙසේවෙතත් පාකිස්තාන ගැටළු විසඳීම සඳහා තලේබාන් සංවිධානය දැනටමත් පුළුල් පියවර ගෙන ඇති බවද ඔහු අවධාරනය කර ඇත.