පාකිස්තානයේ රැකියා ප්‍රශ්නය උග්‍ර වෙයි
සයුරෙන් එතෙර

පාකිස්තානයේ රැකියා ප්‍රශ්නය උග්‍ර වෙයි

December 6, 2025   02:04 pm

පාකිස්තානයේ විරැකියා අනුපාතය දශක දෙකකින් ඉහළම මට්ටමට ළඟාවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පසුගිය සතියේ නිකුත් කරන ලද පාකිස්තානයේ ශ්‍රම බළකා සමීක්ෂණය 2024-25 ජාතික රැකියා විරහිත අනුපාතය 7.1%ක් වූ බව පෙන්වා දී තිබේ.

ඒ අනුව එමඟින් ප්‍රධාන අපනයන අංශ තුළ තවදුරටත් රැකියා අහිමිවීමේ අවදානම පෙන්නුම් කරන බව පැවසෙයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හමුවේ පාකිස්තානය තුළ රැකියා අහිමිවීමේ අවදානමක් මෙලෙස මතුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරැකියා පිරිස අතරට උපාධිධාරීන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ද ඇතුළත් බව සඳහන් ය.