සයුරෙන් එතෙර
පාකිස්තානයේ ඉල්ලීමට ඇෆ්ගනිස්තානයෙන් දැඩි විවේචන
November 14, 2025 11:42 am
සාම සාකච්ඡාවලදී පාකිස්තානය ඉදිරිපත් කළ ඉල්ලීම් ඇෆ්ගනිස්තානය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
ඇෆ්ගනිස්ථාන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි එම ඉල්ලලීම් දැඩි ලෙස විවේචනය කරමින් අදහස් දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී ඔහු පවසා ඇත්තේ පාකිස්තානය ඔවුන්ගේ අභ්‍යන්තර ආරක්ෂක ගැටලු සඳහා ඇෆ්ගනිස්තානයට දොස් පැවරීමට උත්සාහ කරන බවය.
අවසන් වරට පැවැති සාම සාකච්ඡාවලදී පාකිස්තානය විසින් පාකිස්තාන භූමියේ කිසිදු ත්‍රස්තවාදී සිදුවීමක් සිදු නොවන බවට සහතික වන ලෙස ඇෆ්ගනිස්තානයෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
අදාළ ඉල්ලීම තාර්කික නොවන බව ඇෆ්ගනිස්තානය පෙන්වා දෙයි.
"පාකිස්තානයේ ආරක්ෂාව සඳහා අප වගකිව යුතුද?. අපට එහි සාම සාධක හමුදා තිබේද?" ඇෆ්ගනිස්ථාන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි පවසා ඇත.
