සයුරෙන් එතෙර
පාකිස්තානයේ චෝදනාවලට ඉන්දියාවෙන් පිළිතුරු
November 14, 2025 08:10 am
ඉස්ලාමාබාද් අධිකරණයක් ඉදිරිපිට සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට පකිස්තානය කරන චෝදනා ඉන්දීය රජය ප්‍රතික්ෂේප කරයි.
ඉන්දියාව පවසන්නේ එය පාකිස්තානයේ අභ්‍යන්තර කැලඹිලිවලින් අවධානය වෙනතකට යොමු කිරීම සඳහා සිදු කළ ප්‍රකාශයක් බවය.
එමෙන්ම පාකිස්තානයේ චෝදනාව එරට නායකත්වය විසින් සිදුකරන ලද උපක්‍රමයක් බවද ඉන්දියාව චෝදනා කරයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පෙන්වා දෙන්නේ, ඉන්දියාව පැහැදිලිවම පාකිස්තාන නායකත්වය විසින් කරන ලද පදනම් විරහිත චෝදනා නිසැකවම ප්‍රතික්ෂේප කරන බවය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ජාත්‍යන්තර ප්‍රජාව සත්‍ය හොඳින් දන්නා බවත් පාකිස්තානයේ උපක්‍රමවලින් නොමඟ නොයනු ඇති බවත්ය.
