සයුරෙන් එතෙර
මෙක්සිකෝවේ නගරාධිපතිවරයෙක්ට වෙඩි
November 3, 2025 01:30 pm
මෙක්සිකෝවේ උරුආපන් හි නගරාධිපති කාලෝස් මැන්සෝ, මළවුන්ගේ දින සැමරුමකට එක්ව සිටියදී එල්ල වූ සාහසික වෙඩි ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු වෙඩි ප්රහාරයට ලක්වන අවස්ථාවේදී වත්මන් ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බවුම් එරට මත් උවදුරට එරෙහිව ප්රමාණවත් පියවර නොගන්නා බවට දැඩි ප්රකාශයක් නිකුත් කරමින් සිට ඇති බව ද වාර්තා වේ.
කාලෝස් මැන්සෝ, මෙක්සිකෝ මීළඟ ජනාධිපතිවරණයේදී ෂයින්බවුම්ගේ ප්රධාන ප්රතිවාදියෙක් විය හැකි චරිතයක් ලෙසින් ද හැඳින්විණි.
මේ හේතුවෙන් ඔහුගේ ඝාතනය සමඟ කෝපයට පත් නගරවැසියන් සහ ආධාරකරුවන් එහි රජයේ ගොඩනැගිල්ලට කඩාවැදී ඊට හානි සිදු කර තිබේ.
