සයුරෙන් එතෙර
ඉන්දු - පාකිස්තාන් සටන් විරාමයට අමෙරිකාව මැදිහත් වී නැහැ
September 17, 2025 03:52 pm
පහල්ගම් ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගත වූ යුද ගැටුම් සමනය කිරීම සඳහා මැදිහත්වීමක් සිදු කළ බවට අමෙරිකාව සිදුකරන ප්‍රකාශවලට පටහැනි අදහස් පාකිස්තානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය මොහොමඩ් ඉෂාක් ඩාර් විසින් සඳහන් කර තිබේ.
ඒ අනුව සින්දූර් මෙහෙයුමේදී පාකිස්තානය සමග ද්විපාර්ශ්වික ගැටළු විසඳීම සඳහා තෙවන පාර්ශ්වීය මැදිහත්වීමක් ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කළ බව ඔහු තහවුරු කර ඇත.
අල් ජසීරා සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී, ඉෂාක් ඩාර් පවසා ඇත්තේ ඉන්දියාවේ ප්‍රහාරවලින් පසු පාකිස්තානය සටන් විරාමයක් ඉල්ලා සිටි බවය.
ඉන්දියාව සමඟ සංවාදයට පාකිස්තානය විවෘත නමුත් ඉන්දියාව මෙතෙක් ඒ සඳහා ප්‍රතිචාර දක්වා නොමැති බවද විදෙස් මාධ්‍ය පවසයි.