සයුරෙන් එතෙර
ඇෆ්ගන් සරණාගතයින් අර්බුද රැසක
September 16, 2025 04:46 pm
පාකිස්තානයේ රැඳීසිටින ඇෆ්ගනිස්ථාන සරණාගතයින් පන්නා දැමීම හේතුවෙන් මානුෂීය ගැටලු උග්‍රවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇෆ්ගනිස්ථාන සරණාගතයින් පවසන්නේ පාකිස්තානය විසින් හදිසියේ පන්නා දැමූ තමන් මේ වනවිට දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටින බවය.
මෙම තත්ත්වය තුළ දරුවන් විශාල පිරිසක් ද කුසගින්නේ පසුවන බව වාර්තා වෙයි.
පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන පරිදි සැප්තැම්බර් මුල් සතිය තුළ ඇෆ්ගන් ජාතිකයන් 100,000 කට ආසන්න පිරිසක් පාකිස්තානයෙන් පිටුවහල් කර ඇත.
එවන් පසුබිමක් තුළ අවදානමට ලක්විය හැකි ඇෆ්ගනිස්ථානුවන් පිටුවහල් කිරීම නවතා දමන ලෙස එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පාකිස්තානයෙන් ඉල්ලා තිබේ.