අමෙරිකාවේ යුද ශක්තිය ට්‍රම්ප් මතක් කරයි
සයුරෙන් එතෙර

අමෙරිකාවේ යුද ශක්තිය ට්‍රම්ප් මතක් කරයි

September 4, 2025   01:57 pm

චීනය සිය සමීපතම රාජ්‍ය නායකයින් සමග එක්වී සිදු කළ හමුදා පෙලපාලිය හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උදහසට ලක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප් දැඩි ලෙස කෝපයට පත්වී සිටින්නේ චීනයේ, රුසියාවේ සහ උතුරු කොරියාවේ සමගි සන්ධානය හමුවේ බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින්, එම රටවල් අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට ට්‍රම්ප් චෝදනා කර තිබුණි.

එමෙන්ම සම්මුඛ සාකච්ඡාවක්දී ට්‍රම්ප් පවසා ඇත්තේ මෙතෙක් ලෝකයේ පැවති ශක්තිමත්ම හමුදාව අමෙරිකාව සතුව ඇති බැවින් චීනය කිසි විටෙකත් ඔවුන්ගේ හමුදාව අමෙරිකාව සඳහා භාවිත නොකරනු ඇතැයි තමා විශ්වාස කරන බවත්ය.