සයුරෙන් එතෙර
යේමනයේ හූති පාලන කොටසේ අග්‍රාමාත්‍යවරයා ඊශ්‍රායල් ප්‍රහාරයකින් මරුට
August 30, 2025 08:36 pm
ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් යේමනයේ හූති පාලන කොටසේ අග්‍රාමාත්‍යවරයා වන අහමඩ් අල්-රහාවි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සානාහි සිදු වූ ප්‍රහාරයකින් ඔහු ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මිය ගිය බව හූති කැරලිකරුවන් අද (30) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
2024 අගෝස්තු මාසයේ සිට හූති ප්‍රමුඛ රජයේ අගමැති ලෙස මොහු කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.