සයුරෙන් එතෙර
ජපානයට ගිය ජර්මානු විදේශ ඇමති චීනයට දොස් කියයි
August 22, 2025 07:12 am
යුක්රේනය ආක්‍රමණයේදී චීනය රුසියානු යුද යාන්ත්රණයට දිගින් දිගටම සහාය ලබාදෙන බවට ජර්මානු විදේශ අමාත්‍යවරයා චෝදනා කරයි.
ඔහු මෙම අදහස් පළ කර තිබුණේ සිය ජපාන සංචාර අතරතුර වීම විශේෂත්වයකි.
ජර්මානු විදේශ ඇමති තායිවාන් සමුද්‍ර සන්ධියේ සහ නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ හැසිරීම සහ යුක්රේන යුද්ධයේදී රුසියාවට සහාය වීම සම්බන්ධයෙන් මෙලෙස චීනය විවේචනය කර තිබේ.
ජපාන විදේශ ඇමති සමඟ පැවති මෙම සාකච්ඡාවලින් පසුව, ජර්මානු විදේශ අමාත්‍යවරයා ජාත්‍යන්තර වෙළඳාමේ කේන්ද්‍රස්ථානයේ ඕනෑම උත්සන්නවීමක් ගෝලීය ආරක්ෂාවට සහ ලෝක ආර්ථිකයට බරපතළ ප්‍රතිවිපාක ගෙන දෙනු ඇති බවටද සඳහන් කර තිබේ.