මෝදි මාලදිවයිනට
සයුරෙන් එතෙර

මෝදි මාලදිවයිනට

July 25, 2025   01:13 pm

සිය දෙදින බ්‍රිතාන්‍ය නිල සංචාරය සාර්ථකව නිම කළ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මාලදිවයින වෙත පැමිණ තිබේ.

එරට රජයෙන් කළ නිල ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය මාලදිවයින් සංචාරය ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව හෙට පැවැත්වෙන මාලදිවයිනේ 60 වන නිදහස් උළලේ ප්‍රධානා අරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය මෝදි සහභාගී වනු ඇත.

මෙම සංචාරයට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙදිනක් පුරා මාලදිවයිනේ රැඳී සිටීමට නියමිතය.

අද උදෑසන මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවූ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා මාලදිවයින් ජනාධිපති ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

සිය මාලදිවයින් සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට සහභාගී වීමට නියමිතය.