සයුරෙන් එතෙර
පාකිස්තානයේ පොලිස් මුරපොළකට ත්‍රස්ත ප්‍රහාරයක්
July 24, 2025 03:53 pm
පාකිස්තානයේ පොලිස් මුරපොලක් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ.
එම ප්‍රහාරයෙන් පාකිස්තානයේ හය දෙනෙකු තුවාල ලැබූ බව වාර්තා වෙයි.
පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ ආරක්ෂක අංශවල ප්‍රතිප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් පිරිස පළා ගොස් ඇතැයි ද පැවසෙයි.
පාකිස්තානය තුළ මෑතකාලීනව ත්‍රස්තවාදී ප්‍රහාරවල ඉහළ යාමක් නිරීක්ෂණය වන අතර විශේෂයෙන් කයිබර් පක්තුන්ක්වා සහ බලොචිස්තාන් ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගනිමින් එම ප්‍රහාර එල්ල වෙමින් තිබේ.