තායිවානයෙන් දැවැන්ත යුද අභ්‍යාසයක්
සයුරෙන් එතෙර

තායිවානයෙන් දැවැන්ත යුද අභ්‍යාසයක්

July 12, 2025   07:54 am

අනාගතයේ එල්ලවිය හැකි චීන ආක්‍රමණයකට සූදානම් වීමේ අරමුණින් තායිවානය ඔවුන්ගේ දීර්ඝතම සහ පුළුල්ම වාර්ෂික යුද අභ්‍යාසය ආරම්භ කර තිබේ.

ජුලි 9 වනදා ආරම්භ වූ එය දින 10ක් පුරා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට තායිවානයේ ඇති හැකියාව පරීක්ෂා කිරීම එහි අරමුණ වෙයි.

තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මෙම අභ්‍යාසය සඳහා සියලුම හමුදා ශාඛාවන් සම්බන්ධ වන අතර, 22,000ක භට පිරිසක් සහභාගී වනු ඇති බවය.