මෝදිට තවත් ගෞරව සම්මානයක්
සයුරෙන් එතෙර

මෝදිට තවත් ගෞරව සම්මානයක්

July 11, 2025   07:09 am

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැමීබියාවේදී ගෞරව සම්මානයකින් පිදුම් ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය නැමීබියාවේ ඉහළම සිවිල් ගෞරව සම්මානය ලෙසය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා කළ දායකත්වය අගයමින් නැමීබියාව මෙම සම්මානය පිරිනමා ඇත. 

මෙය අග්‍රාමාත්‍ය මෝදිට ලැබුණු 27 වැනි ගෞරව සම්මානය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය බ්‍රසීල සංචාරය අවසන් කළ අගමැති මෝදි නැමීබියාවට පැමිණ සිටින අතර එහිදී මෙම ගෞරව සම්මානයට පාත්‍රවී ඇත.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නැමීබියානු රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළ කර තිබුණි. 

මෙම ගෞරවය ඉන්දියාව සහ නැමීබියාව අතර සදාකාලික මිත්‍රත්වයට සාක්ෂියක් බව එහිදී සඳහන් කර තිබේ.