සයුරෙන් එතෙර
න්‍යෂ්ටික බලය සහිත ප්‍රහාරක සබ්මැරීන 2ක් සඳහා ඉන්දියාවෙන් සැලසුම්
July 10, 2025 07:02 am
ඉන්දියාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන ප්‍රහාරක සබ්මැරීන වැඩසටහන වේගවත් කරමින් සිටින විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉන්දියාව සබ්මැරීන දෙකක් නිල වශයෙන් සංවර්ධනය කරමින් ඇති බවද පැවසෙයි.
ව්‍යාපෘති -77 යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක සබ්මැරීන 6කින් යුත් බලඇණියක් නිර්මාණය කිරීම ඉන්දියාවේ සැලසුම වෙයි.
න්‍යෂ්ටික ශක්තියෙන් බලගැන්වෙන මෙම සබ්මැරීනවලට දිය යට දීර්ඝ කාලයක් ක්‍රියා කළ හැකි අතර සාම්ප්‍රදායික ඒවාට වැඩි වේගයකින් ගමන් කළ හැකිය.
ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය හරහා දැනට සංවර්ධනය වෙමින් පවතින BrahMos මිසයිලයේ පරිණාමය වූ අවියක් සහ අනාගත හයිපර්සොනික් පද්ධතිය එම සබ්මැරීන හරහා රැගෙන යාමට අපේක්ෂා කරයි.