සයුරෙන් එතෙර
දකුණු කොරියාවේ නව ජනපතිට සුබ පතමින් මෝදි කළ ඇරයුම
June 4, 2025 03:56 pm
දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ලී ජේ මියන්ග් වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සුබ පැතුම් එක්කර තිබේ.
එහිදී මෝදි පවසා ඇත්තේ දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට සූදානම් බවය.
සිය X ගිණුමේ සටහනක් තබමින් මෝදි පැවසුවේ කොරියානු ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව ලී ජේ මියන්ග් වෙත සිය සතුට පළ කරන බවය.
ඔහුගේ නායකත්වය හමුවේ දෙරටේ සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බව අග්‍රාමාත්‍ය මෝදි එහි සටහන් කර තිබේ.
මාස කිහිපයක් පැවති දේශපාලන නොසන්සුන්තාව නිමකරමින් දකුණු කොරියාවට නව ජනාධිපතිවරයෙක් මෙලෙස තෝරාගෙන තිබුණි.
එහි ප්‍රතිඵල ඊයේ (03) රාත්‍රියේම නිකුත් වූ අතර ඉන් ජයග්‍රයණය කර තිබුණේ එරට විපක්ෂ අපේක්ෂක ලී ජේ මියන්ග් ය.
විපක්ෂ නායක මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකවරයාද වූ ලී ජේ මියන්ග්, සමස්ථ ඡන්දවලින් සියයට 49.31ක් දිනාගැනීමට සමත් වුණි.
පාලන බලය ඉසිලූ ජනතා බලය පක්ෂයේ අපේක්ෂකයා වූ කිම් මූන් සූ දිනාගෙන තිබුණේ සියයට 41කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් පමණයි.