රුසියාවේ අගනුවර ඉලක්ක කර දරුණු ඩ්‍රෝන ප්‍රහාර 600ක්

රුසියාවේ අගනුවර ඉලක්ක කර දරුණු ඩ්‍රෝන ප්‍රහාර 600ක්

August 18, 2026   02:34 pm

රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර 600ක් ඊයේ රාත්‍රීයේ එල්ල වී තිබේ. 

ඉන් ප්‍රහාර 180කට අධික ප්‍රමාණයක් මොස්කව් අගනුවර ඉලක්ක වෙත පතිත වී ඇති අතර 17ක් විනාශ කළ බවත් මොස්කව් නගරාධිපතිවරයා පවසා තිබුණේ. 

පසුගිය වසර දෙකක කාලය තුළ මොස්කව් වෙත එල්ල වූ දැවැන්තම ඩ්‍රෝන ප්‍රහාර මාලාව මෙය වන බව සඳහන් වෙයි.

මේ අතර මෙම ප්‍රහාර සඳහා යොදාගත් ඩ්‍රෝන සියල්ල බ්‍රිතාන්‍ය රජය විසින් යුක්‍රේනය වෙත ලබා දී ඇති බව රුසියාව චෝදනා කරයි.

ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයට දරුණු ප්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවනු ඇති බවට බ්‍රිතාන්‍ය යේ රුසියානු තානාපතිවරයා අනතුරු අඟවා තිබේ.