ඉදිරි මාස කිහිපය තුළ පළමු ඩිජිටල් හැදුනුම්පත නිකුත් කිරීමට පියවර
August 18, 2026 01:40 pm
දැනට නිකුත් කර ඇති සියලුම ජාතික හැදුනුම්පත් වෙනුවට ඩිජිටල් ජාතික හැදුනුම්පත් ඉදිරි වසර කිහිපය තුළ නිකුත් කිරීමට සැළසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසා තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය යටතේ මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ පළමු ඩිජිටල් හැදුනුම්පත නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා,
"ඩිජිටල් ආර්ථිකය කියන එකට අපි ලොකු ප්‍රවණතාවයක් දීලා තියෙනවා. ඒක මේ අවුරුද්ද ඇතුළත පළවෙනි ඩිජිටල් ID එක නිකුත් කරන තැනට අපි යනවා. ඒ් වගේම ලබන අවුරුද්දේ අවසාන වෙන්න ඉස්සල්ලා අගෝස්තු වගේ වෙනකොට සම්පූර්ණ ඩිජිටල් ID එක දෙන්න බලාපොරොත්තු වෙනවා. එතනින් අවුරුදු 2ක් වගේ කාලයක් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා මුළු රටේම පරණ ID වෙනුවට ඩිජිටල් පද්ධතියට හැම මිලියන 17ක් වන පිරිසම ගේන්න"
