හිටපු ඇමති රාජිතගේ සොයුරු මහීල් සේනාරත්න අත්අඩංගුවට 

හිටපු ඇමති රාජිතගේ සොයුරු මහීල් සේනාරත්න අත්අඩංගුවට 

August 18, 2026   11:44 am

ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ මහීල් සේනාරත්න මහතා අල්ලස් කොමිසම විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහෝදරයෙකු වන මහීල් සේනාරත්න 2010 - 2012 කාල වකවානුවේ ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

එම කාල වකවානුවේ දිවයින පුරා මසුන් අලෙවිසැල් ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීමේ දී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර, සෘජුවම තෝරාගත් ආයතන 2ක් වෙත ලබාදීමත්, එකී ආයතන 2 වෙත ගෙවීම් කිරීම සඳහා නිලධාරීන් වෙත බලපෑම් කර ගෙවීමට සැලැස්වීමත් ඔහුට එරෙහිව ඇති චෝදනා වේ.

ඒ අනුව දුෂණය නැමැති වරද කිරීමේ චෝදනාව මත ඔහුව අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.