හෝමුස් ගිවිසුමට බාධා කළොත් ඕමානයටත් දැඩි ප්‍රහාර
August 17, 2026 08:47 pm
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡාවලට ඕමානය බාධා කළහොත් එම රටට දැවැන්ත බෝම්බ ප්‍රහාර එල්ල කරන බවයි.
ෆොක්ස් නිව්ස් (Fox News) මාධ්‍යවේදීන් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් පැවසුවේ "ඕමානය මේ සඳහා මැදිහත් වී බාධා කළහොත්, අපි ඔවුන්ට දැඩි ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කරනවා" යනුවෙනි.
හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය පාලනය කිරීම පිළිබඳව ඉරානය සහ ඕමානය අතර වෙනම සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.
එමෙන්ම, අමෙරිකාවද ඒ සඳහා වෙනම සාකච්ඡා පවත්වයි.
