එල් නිනෝ නිසා මාර්තු - අප්‍රේල් මාසවලදී විදුලියටත් බලපෑම්
August 17, 2026 03:42 pm
පවතින එල්නිනෝ තත්ත්වය හමුවේ ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් මාස තුළ විදුලිය උත්පාදනයට යම් බලපෑමක් එල්ල විය හැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කළේ, බැටරි බලශක්තිය භාවිත කරමින් විදුලිය උත්පාදනය කිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව පළමු අදියර යටතේ ඇති මෙගා වොට් 160ක් ජාතික පද්ධතියට ඇතුළත් කිරීමේ ව්‍යාපෘතිය දෙසැම්බර් මාසයට පෙර සිදු කිරීමට නියමිතය.
එම පද්ධතිය හරහා සැප්තම්බර් මාසයේදී මෙගා වොට් 130ක් සහ ඔක්තෝබර් මාසයේදී මෙගාවොට් 10ක් ලබාගැනීමට සැලැසුම් කර තිබේ.
එමෙන්ම පෞද්ගලික අංශය විසින් ඉදිකිරීම් කරනු ලබන මන්නාරම සුළං බලාගාරය සම්බන්ධයෙන් පවතින ගැටලුව විසඳගැනීමට හැකි වූවහොත් තවත් මෙගා වොට් 50ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට ඇතුළත් කරගැනීමට හැකි බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කළේය.
මේ අතර බැටරි පද්ධතිය හරහා මෙගා වොට් 250ක් සහ 150ක් ජාතික පද්ධතියට එකතු කරගැනීමෙන් එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙමින් විදුලිය උත්පාදන කිරීමට බලාපොරොත්තු වෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.
