කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතය ‍මාරාන්තික තත්ත්වයක් බවට පත්වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතය ‍මාරාන්තික තත්ත්වයක් බවට පත්වෙයි

August 17, 2026   03:30 pm

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වංසගත තත්ත්වය මේ වන විට මාරාන්තික තත්ත්වයක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මැයි මාසයේ දී ඉබෝලා වෛරස් ව්‍යාප්තිය වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශ කිරීමෙන් පසු මරණ 2,325ක් වාර්තා වී තිබුණි.

මේ වන විට ඉබෝලා රෝගීන් 4,945 දෙනෙකු වාර්තා වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු ප්‍රධානී ටොම් ෆ්ලෙචර් පසුගිය සතියේ පැවසුවේ ඉබෝලා වෛරසයෙන් සෑම මිනිත්තු 30කට වරක් එක් අයෙකු මරණයට පත්වන බවයි.