ගංජා හේනට නීතිමය පියවර නොගැනීමට අල්ලස් ගත් පොලීසියේ සිව්දෙනාට ඇප
August 17, 2026 03:02 pm
තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්රදේශයට අයත් නිකවැව ප්රදේශයේ ගංජා හේනක් වටලා එම ගංජා හේන අයත් පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව්දෙනා ඇප මත නිදහස් කරන ලෙස වැල්ලවාය මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
එක් අයෙකුට රුපියල් පනස්දහස බැගින් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැර ඇත.
මොනරාගල කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් පසුගිදා නිකවැව ප්රදේශයේ වැටලීමක් සිදුකර ඇති අතර එහිදී එම ගංජා හේනේ හිමිකරුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල කොට්ඨාශ දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරු දෙදෙනෙක්,පොලිස් කොස්තාපල්වරයෙක් සහ පොලිස් කොස්තාපල් රියදුරුරෙක් බව පොලිසීය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානය විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.
