ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

August 17, 2026   01:48 pm

ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබේ.

ඒ ග්‍රාම නිලධාරීන්ගේ සංගම් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයා සමග අද (17) පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ වූ බවත් එහිදී එළැඹෙන අයවැයෙන් මෙම ඉල්ලීම් ලබා දීමට පියවර ගන්නා බව පැවසූ බවද ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තමන් තීරණය කළ බවද ඔවුන් පැවසීය.

අද දිනයේදී වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමෙන් අනතුරුව සියලුම ග්‍රාම නිලධාරීන් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල නැවත සුපුරුදු පරිදී රාජකාරිවල නිරතවීම සිදුකරන බවද ඔවුන් සඳහන් කළේය.