වී අලෙවි මණ්ඩලය මේ දක්වා මිලදී ගත් වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 33,600 ඉක්මවයි
August 17, 2026 11:15 am
වී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ දක්වා වී මෙට්‍රික් ටොන් 33,666ක් මිලදී ගෙන ඇතැයි එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ මින් වැඩිම වී අස්වනු තොගයක් මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් සහ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන බවය.
පසුගිය ජූනි මාසයේ 13 වැනිදා සිට වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය වී අලෙවි මණ්ඩලය විසින් ආරම්භ කෙරිණි.
වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙලීම අවසන් කර ඇති නමුත් පොළොන්නරුව, අනුරාධපුරය, කුරුණෑගල සහ පුත්තලම ආදී ප්‍රදේශවල මේ වන විට වී අස්වනු නෙලීම ආරම්භ කර ඇති බවය.
ඒ අනුව එම ප්‍රදේශවල වී ගබඩා විවෘත කිරීමට පියවර ගෙන ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
වී මිලදී ගැනීම සඳහා මේ වන විට ගබඩා 120කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාකාරීව පවත්වාගෙන යන බවද වී අලෙවි මණ්ඩලයේ සභාපති වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
