‘Derana Teen Star’ පළමු අදියරේ කිරුළ Team Agni සහ ඉමෙත් ජයරත්නට
August 16, 2026 10:41 pm
නව යෞවනයේ දැවැන්තම තාරකා පෙළහර 'Derana Teen Star' පළමු අදියරේ අවසන් මහා තරගය අද (16) පැවැති අතර, එහිදී සමූහ අංශයේ (Group Round) ශූරතාව දිනාගැනීමට 'Team Agni' සමත් විය.
එමෙන්ම තරගාවලියේ කේවල අංශයේ (Solo Round) විශිෂ්ටතම දක්ෂතා දක්වමින් එහි ශූරතාව දිනාගැනීමට ඉමෙත් ජයරත්න සමත් විය.
‘Derana Teen Star’ පළමු අදියරේ ජයග්‍රාහකයින්
Group Round
ශූරතාව: Team Agni
අනුශූරතාව: Team Digesi
තෙවන ස්ථානය: Team Petals
Solo Round
ශූරතාව: ඉමෙත් ජයරත්න
අනුශූරතාව: රවිදු රන්තිස
තෙවන ස්ථානය: රනුකි නෙහන්සා
