ලොව අවලස්සනම සුනඛයා තරගයේ ජය ජිනීට 

ලොව අවලස්සනම සුනඛයා තරගයේ ජය ජිනීට 

August 16, 2026   02:01 pm

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වුණු 'World Ugliest Dog' (ලොව අවලස්සනම බල්ලා) තරගයෙන් ජයග්‍රහණය කිරීමට ජිනී ලූ (Jinny Lu) නමැති අවුරුදු 6ක් වයසැති ‘පග්’ (Pug) වර්ගයේ සුනඛයා සමත්ව තිබේ.

අගෝස්තු 14 වනදා පැවැති මෙම තරගයෙන් තවත් තරගකරුවන් අටදෙනෙකු පරදා ජිනී ලූ ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ.

එම සුනකයාට ඩොලර් 5,000ක ත්‍යාග මුදලක් සහ කුසලානයක් හිමිවූ අතර, Mug Root Beer ටින් මත රූපය මුද්‍රණය කිරීමට නියමිතයි.