ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 51ක් දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 51ක් දක්වා ඉහළට

August 16, 2026   11:48 am

ඉන්දුනීසියාවේ සිදුවූ රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියගිය ගණන 51ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම 5,000කට ආසන්න පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවද එරට බලධාරීන් සඳහන් කර සිටී.

ඊයේ (15) අලුයම නැගෙනහිර නුසා තෙන්ගාරා පළාතේ සිදුවූ මෙම භූකම්පනයෙන් පුද්ගලයින් 36දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර 77දෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බව වාර්තා වේ. 

මෙම ප්‍රබල භූකම්පනය සිදු වීමෙන් අනතුරුව එහි පසුකම්පන 341ක් ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ 2022 වසරේ බටහිර ජාවාහි පුද්ගලයින් සිය ගණනකට මරු කැඳවමින් සිදු වූ භූකම්පනයෙන් පසුව ගිනිකොනදිග ආසියානු රටක සිදුවූ මාරාන්තිකම භූකම්පනය මෙය වන බවය.

කෙසේවෙතත් අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳ මේ වන තෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැති අතර තවත් බොහෝ පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවද වාර්තා වේ.

මේ අතර එහි නිවාස 1,300කට පමණ හානි සිදුව ඇත.