ඉන්දුනීසියාවේ තවත් ප්‍රබල භූමිකම්පාවක් - ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නෑ
August 15, 2026 05:41 pm
ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතේ අද (15) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇතිවූ බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව අද අලුයම එරට සිදුවූ මාරාන්තික භූමිකම්පාවෙන් පැය කිහිපයකට මෙම භූමිකම්පාව ඇතිවීම සුවිශේෂීය.
ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද අලුයම 3.28ට පමණ රික්ටර් මාපකයේ 7.7ක අගයකින් එම භූමිකම්පාව හටගනු ලැබීය.
එම භූමිකම්පාවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 38ක් දක්වා මේ වනවිට ඉහළගොස් ඇත.
කෙසේ නමුත් අද පස්වරුවේ ඇතිවූ භූමිකම්පාවෙන්ද ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවත් ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සඳහන් කළේ, මුහුදුබඩ ප්‍රදේශවල ජන ජීවිතය ආරක්ෂා සහිත බවය.
