හැටන්-කොළඹ පාරේ එක මංතීරුවක් යළි විවෘත කෙරේ
August 15, 2026 08:30 am
කුයිල්වත්ත ප්‍රදේශයෙන් අවහිර වී තිබූ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබේ.
කුයිල්වත්ත ප්‍රදේශයෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට අද (15) අලුයම 1ට පමණ පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණි.
නමුත් මේ වනවිට ගමනාගමන කටයුතු සඳහා එක් මංතීරුවක් විවෘත කර තිබෙන අතර තවදුරටත් පස් කඳු කඩාවැටීමේ අවදානමක් ඇති හෙයින් ඒ හරහා ප්‍රවේසමෙන් රිය ධාවනය කරන ලෙස පොලිසිය දැනුම්දෙයි.
අදාළ ප්‍රදේශයේ තවදුරටත් කඩින්කඩ වැසි ඇදහැලෙමින් ඇති බවද වාර්තා වෙයි.
