අවුරුදු 4ක දැරියකට අමානුෂික ලෙස පහරදී පාළු පාරක දමාගිහින් 

අවුරුදු 4ක දැරියකට අමානුෂික ලෙස පහරදී පාළු පාරක දමාගිහින් 

August 13, 2026   05:20 pm

අමානුෂික ලෙස පහරදී පාළු ස්ථානයක අතරමංකර දමාගොස් සිටි අවුරුදු හතරක් පමණ වයසැති දැරියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අද (13) වත්තේගම යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක සිටියදී මෙලෙස සොයාගෙන ඇත.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වත්තේගම පොලීසියේ කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් දරුවා පොලීසිය භාරයට ගෙන ඇත.

ත්‍රීරෝද රථයකින් පැමිණ පෙරවරු 7ට පමණ මෙම දැරිය එම ස්ථානයේ දමාගොස් ඇති බවට පොලීසිය සැක කරයි. 

ළමයා රැගෙන ආ බවට සැක කෙරෙන ත්‍රීරෝද රථය සම්බන්ධයෙන්  cctv දර්ශන ඔස්සේ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම දැරිය තම පවුලේ හෝ පදිංචිව සිටි ස්ථානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදන්නා බව පොලීසිය පවසයි. 

දැරිය මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලීසිය ඉදිරි පරීක්ෂණ පවත්වනු ලබයි.