මෙරට ජපන් මිත්‍රත්ව සංගමය සහ ජනපති ලේකම් අතර හමුවක්

මෙරට ජපන් මිත්‍රත්ව සංගමය සහ ජනපති ලේකම් අතර හමුවක්

August 13, 2026   03:58 pm

මෙරට ජපන් මිත්‍රත්ව සංගමයේ සභාපති Inoue Naoki මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයින් පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්‌යාලයේදී සිදුව තිබේ. 

ඊයේ (12) සිදුවූ මෙම හමුවේදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

වයඹ පළාත් සභාව වෙත මෑතකදී ගිලන් රථ තුනක් සංගමයේ මැදිහත්වීම මත ලබාදීමට කටයුතු කර ඇති බව සිහිපත් කළ මෙරට  ජපන් මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ඉදිරියටත් මෙරටට අවශ්‍ය සහාය ලබාදීමට කැමැත්තෙන් පසුවන බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තහවුරු කරමින් ලබාදෙන සහාය මෙහිදී ජනාධිපති ලේකම්වරයාගේ කෘතවේදි ඇගයීමට ලක් විය.