ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

August 13, 2026   06:25 am

ජපානයේ චිබා ප්‍රාන්තයේ දී 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටි තරුණයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ ඝාතනය ඔහු සමග ලැගුම්හලේ සිටි 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් සිදුකර ඇති බව සඳහන් වේ.

දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමත් සමග මෙම පහරදීම සිදුව ඇති බව එරට පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන් වේ.

සැකකාර 18 හැවිරිදි තරුණයා එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී තමාට සහ සිය තම මවට අපහාස කිරීම නිසා ඇති වු කෝපය පාලනය කරගත නොහැකිව මෙම පහරදීම සිදුකර ඇති බවට පාපෝච්චාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.