ඩොල්ෆින් සුළි කුණාටුවෙන් චීනයට තවදුරටත් තද වැසි සහ ගංවතුර

ඩොල්ෆින් සුළි කුණාටුවෙන් චීනයට තවදුරටත් තද වැසි සහ ගංවතුර

August 12, 2026   11:55 am

ඩොල්ෆින් සුළි කුණාටුව සමඟ ඇති වූ තද වැසි හේතුවෙන් චීනයේ ප්‍රදේශ රැසකට තවදුරටත් බලපෑම් එල්ලවෙමින් තිබේ.

මේ හේතුවෙන් ගංවතුර පාලන ක්‍රියාමාර්ග දැඩි කිරීමට සහ දුම්රිය ගමන්වාර අත්හිටුවීමට මෙන්ම Beijing හා තදාසන්න Tianjin සහ මධ්‍යම හා නැගෙනහිර පළාත්වල ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද බලධාරින් පියවර ගෙන ඇත.

ඩොල්ෆින් සුළි කුණාටුව මෙම වසරේ චීනයේ වාර්තා වූ 13වන සුළි කුණාටුවයි. 

පසුගිය ඉරිදා දිනයේ දී Zhejiang පළාතට අවස්ථා දෙකකදී එම සුළි කුණාටුව ගොඩබිමින් ඇතුළු විය.

මේ අතර චීන ජාතික කාලගුණවිද්‍යා මධ්‍යස්ථානයට අනුව ඊයේ (11) තද වැසි පිළිබඳ පනවා තිබූ තැඹිලි වර්ණයේ අනතුරු ඇඟවීම අදාළ ප්‍රදේශ වෙත තවදුරටත් වලංගුවන බව දැනුම්දී ඇත.

එමෙන්ම අද (12) පස්වරුව දක්වා ද චීනයේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති වනු ඇතැයි එම මධ්‍යස්ථානය පුරෝකථනය කර තිබේ. 

Zhejiang, Shanghai, Shandong, Beijing සහ Tianjin එම ප්‍රදේශ ලෙස නම්කර ඇති බවත් දැනුම් දී ඇත.