බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ මත්පැන් බෝතල් තොගයක් සමඟ අයෙකු මාට්ටු

බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ මත්පැන් බෝතල් තොගයක් සමඟ අයෙකු මාට්ටු

August 11, 2026   10:26 am

බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්ඩංගුවට ගෙන තිබේ.

ඊයේ (10) රාත්‍රියේ ආරුගම්බේ කඳවුරේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබී බියර් කෑන් 408ක් සහ විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 36ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම දිනවල ආරුගම්බේ සංචාරක කලාපයට විදේශිකයින් බහුලව පැමිණෙන නිසා විවිධ ආකාරයේ කුඩා හෝටල් පවත්වාගෙන යන ඇතැම් පිරිස් නීතිවිරෝධිව මත්පැන් ගෙනැවිත් විදේශිකයින්ට අළෙවි කරන බවට වාර්තාවේ.

පොලිස් භාරයට ගත් මත්පැන්වල වටිනාකම රු. 420,000ක් පමණ වන බව සඳහන් වෙයි.

අත්ඩඅංගුවට ගත් සැකකරු සහ මත්පැන් බෝතල් තොගය ඉදිරි නීතිමය කටයුතු සදහා පොතුවිල් පොලිස් ස්ථානයට භාරදී තිබේ.