කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 132ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 132ක් දක්වා ඉහළට

August 11, 2026   09:17 am

බටහිර කොලොම්බියාවේ සිදුවූ භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 570කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම භූකම්පනය වසර ගණනාවකට පසු එරටට බලපෑ විශාලතම භූකම්පනය වන බවද සඳහන්.

කෙසේවෙතත් මේ වන විට කොලොම්බියාව තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත.

රිච්ටර් මාපක 7.4ක ප්‍රබලත්වයකින් සටහන් වූ මෙම භූකම්පනයේ කේන්ද්‍රය කොලොම්බියාවේ පැසිෆික් වෙරළ තීරයේ පිහිටි චොකෝ පළාතේ සැන් ජොසේ ඩෙල් පල්මාර් ආසන්නයේ පිහිටා තිබූ බව කොලොම්බියානු භූ විද්‍යා සේවය පැවසීය.

මේ අතර, පේරෙයිරා, මැනිසාලෙස්, ක්විබ්ඩෝ, ආර්මේනියා, කාර්ටාගෝ සහ බුවනවෙන්තුරා යන ගුවන් තොටුපළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගැණුනි.

එමෙන්ම මෙම භූකම්පනය කොලොම්බියාවේ පළාත් නවයකට සහ පළාත් අගනගර 32කට දැනී ඇති බව එරට ආපදා කළමනාකරණ ආයතනය සඳහන් කර සිටී.

අසල්වැසි වෙනිසියුලාවේ ටචිරා ප්‍රාන්තය සහ බැරිනාස් හා බාර්කිසිමෙටෝ ඇතුළු ප්‍රදේශවලටද මෙය දැනී ඇති බව වාර්තා වේ.