කොස්වත්තේ පොල් ඉඩමක තිබී  මළ සිරුරක් හමුවෙයි

කොස්වත්තේ පොල් ඉඩමක තිබී මළ සිරුරක් හමුවෙයි

August 11, 2026   08:09 am

කොස්වත්ත, ලුණුවිල ප්‍රදේශයේ පොල් වගා ඉඩමක තිබී නාඳුනන පිරිමි පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

මියගොස් ඇති පුද්ගලයා අවුරුදු 70ක් පමණ අයෙකු වන බවත් ඔහු සුදු පැහැති කොට කලිසමක් සහ කළු පැහැති අත්දිග කමිසයක් හැඳ සිට ඇති බවත් පොලීසිය පැවසීය.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා මීට දින කිහිපයකට ඉහත දී මියගොස් ඇති බවය.

කොස්වත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.