අගෝස්තු ගෙවුණු දින 6ට සංචාරකයින් 42,810ක් මෙරටට ඇවිත්
August 10, 2026 10:07 pm
අගෝස්තු මාසයේ මුල් දින 06 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 42,810ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 7,827ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 18%ක් වේ.
එමෙන්ම, චීනයෙන් 3,031ක්, එක්සත් රාජධානියෙන් 4,922ක් සහ ප්‍රංශයෙන් 3,908ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
තවද, 2026 ජනවාරි 01 සිට අගෝස්තු 06 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,386,228ක් ලෙස වාර්තා වී තිබේ.
ඒ අතරින් ඉන්දියාවෙන් 346,057ක් සහ එක්සත් රාජධානියෙන් 135,323ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.
