සාගරව කඩුවෙල අධිකරණයට රැගෙන යයි

සාගරව කඩුවෙල අධිකරණයට රැගෙන යයි

August 10, 2026   01:41 pm

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මේ වනවිට කඩුවෙල අධිකරණය වෙත රැගෙන යමින් පවතී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (10) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණියේය.

පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතාව මෙලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා තිබුණි. 

පසුගියදා පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශයක් පිළිබඳව පොලිස්පතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.

එහිදී පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදුකිරීම, ජනාධිපති මහජනයා අතර අනාදරයට පත්වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම යන චෝදනා මත ඒ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.