සැප රියෙන් ගංජා ඇද්ද තරුණ අඹුසැමි යුවළක් මාට්ටු
August 10, 2026 12:12 pm
සුඛෝපභෝගී කැබ් රථයකින් ගංජා තොගයක් ප්රවාහනය කරමින් සිටි තරුණ අඹුසැමි යුවළක් ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම - හලාවත මාර්ගයේ බත්තුළුඔය පොලිස් මාර්ගබාධකයේ දී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී වාහනය තුළ තිබී ගංජා කිලෝ ග්රෑම් 17යි ග්රෑම් 985ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26ක් වූ පිරිමි පුද්ගලයෙකු සහ 22 හැවිරිදි තරුණියකි.
මොවුන් දෙදෙනා රාජාංගනය ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.
ගංජා තොගය තණමල්විල ප්රදේශයේ වගා කරන ලද බවට තොරතුරු ලැබී තිබේ.
සැකකරුවන් අද (10) පුත්තලම මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
