නීතිවිරෝධී මත්පෙති තොගයක් සමඟ තරුණයෙකු මාට්ටු

නීතිවිරෝධී මත්පෙති තොගයක් සමඟ තරුණයෙකු මාට්ටු

August 10, 2026   11:33 am

නීතිවිරෝධී මත්පෙති තොගයක් සමඟ පානදුර මෝදරවිල තට්ටු නිවාසක සංකීර්ණයේ දී තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර හොරණ පොලිස් විශේෂ කාර්යය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22ක තරුණයෙකුය.

සැකකරු සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැති කරල් 810ක් සහ යකඩ කඩු 2ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඔහු සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක පුද්ගල‍යෙකු ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සැක කටයුතු ලෙස අනාවරණය කර ඇති බව සඳහන් වෙයි.

සැකකරු හා අදාළ භාණ්ඩ තොගය පානදුර දකුණ පොලිස් ස්ථානයට භාරදී ඇත.