දෙහිවල, කඩවත පාරේ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට

දෙහිවල, කඩවත පාරේ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට

August 10, 2026   07:15 am

දෙහිවල, කඩවත පාර ප්‍රදේශයේදී පසුගිය 4 වනදා පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හබරකඩ ප්‍රදේශයේදී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23ක් වන හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දෙහිවල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.