'ඩොල්ෆින්' චීනයට කඩා වදී - මිලියනයකට අධික පිරිසකට දැඩි බලපෑම්

'ඩොල්ෆින්' චීනයට කඩා වදී - මිලියනයකට අධික පිරිසකට දැඩි බලපෑම්

August 9, 2026   09:26 pm

මෙම වසරේ චීනයට කඩා වැදුණු ප්‍රබලම නිවර්තන කුණාටුව වන "ඩොල්ෆින්" සුළි කුණාටුව, අද (09) සවස චීනයේ නැගෙනහිර වෙරළ තීරයට ළඟා වී තිබේ.

දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල සුළං සමඟින් පැමිණි මෙම කුණාටුව හේතුවෙන් ගංවතුර සහ නායයෑම් ඇතිවීමේ දැඩි අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

චීනයට ළඟා වීමට පෙර මෙම කුණාටුව ජපානයේ දකුණු ඔකිනාවා ප්‍රාන්තය හරහා ගමන් කර ඇති අතර, එහිදී පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා ගොඩනැගිලි 50,000කට වැඩි සංඛ්‍යාවක විදුලි සැපයුම බිඳ වැටී ඇති බව සඳහන් වේ.

චීන කාලගුණවිද්‍යා අංශ සඳහන් කළ පරිදි, 'ඩොල්ෆින්' සුළි කුණාටුව අද එරට වෙලාවෙන් පස්වරු 5:30ට පමණ නැගෙනහිර ෂෙජියැං  ප්‍රාන්තයේ යූහුවාන් ප්‍රදේශය අසලින් ගොඩබිමට ඇතුළු වී ඇත.

ගොඩබිමට ළඟ වන අවස්ථාවේදී එහි කේන්ද්‍රය අසල උපරිම සුළගේ වේගය පැයට කිලෝමීටර් 151ක් ලෙස සටහන් වී ඇත.

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රධාන කාළගුණ විද්‍යාඥ වැන්ග් හයිපිං ප්‍රකාශ කළේ, අගෝස්තු 10 වන දින දක්වා ෂෙජියැං, ෂැංහයි, උතුරු ෆුජියන්, ඊසානදිග ජියැංසි, අන්හුයි සහ ජියැන්සු යන ප්‍රදේශවලට දැඩි වැසි අපේක්ෂා කරන බවය.

ෂෙජියැං ප්‍රාන්තයේ මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවලට මිලිමීටර් 250ත් 500ත් අතර වැසි ලැබිය හැකි බව පුරෝකථනය කර ඇත.

කුණාටු තත්ත්වය හේතුවෙන් නැගෙනහිර ප්‍රදේශයේ ප්‍රවාහන සේවාවලට දැඩි බාධා එල්ල වී ඇති අතර, ජ ජනතාවක් තම නිවෙස්වලින් ඉවත් කර ඇත.