ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු මාට්ටු
August 9, 2026 12:39 pm
අලෙවි කිරීම සඳහා ගජමුතු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු කහටගස්දිගිලිය, තිඹිරිවැව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත කහටගස්දිගිලිය බීට්ටු වන නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 90ක මුදලකට අලෙවිකිරීම සඳහා සුදානම් කර තිබු ගජමුතු දෙකක් සොයාගෙන තිබේ.
සැකකරුවන් කහටගස්දිගිලි මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
