ගිරිඋල්ල රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට
August 9, 2026 10:30 am
ගිරිඋල්ල, පහල කටුගම්පල ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ, යතුරුපැදියක් වේගය පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ධාවනය වූ ට්රැක්ටර් රථයක ටේලරයේ පිටුපස ගැටී එම අනතුර සිදුව ඇති බවය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු දඹදෙණිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව සදහන්ය.
මියගොස් ඇත්තේ දඹදෙණිය ප්රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.
ගිරිඋල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
