ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
August 9, 2026 09:15 am
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාශයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත මිරිහාන, කෝට්ටේ පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
එහිදී ව්‍යාජ ලෙස මුද්‍රණය කර තිබු රුපියල් 5000 මුදල් නෝට්ටු 07ක්, රුපියල් 1000 නෝට්ටු 06ක්, රුපියල් 500 නෝට්ටුවක්, පරිගණකයක්, සහ ස්කෑන් යන්ත්‍රයක් ඇතුළු හා ඒ සදහා යොදා ගත් උපකරණ රැසක් සොයාගෙන ඇත.
සැකකරු 53 හැවිරිදි පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි වන අතර ඔහුව අද (09) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
